කියවීම මිනිසා සම්පූර්ණ කරයි. පරිගණකය මිනිසා ????

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියන්නෙ අපි පොඩි කාලෙ නිතර අහපු කියමනක්. ඒ දවස්වල පුස්තකාලයේත් ඔහොම ලියල තිබුන කියල මතකයේ තියෙනව. නිකම්ම නිකම් කියමනක් වගේ පෙනුනට ඈත්තටම ලොකු දෙයක් ඒකෙ තියෙනව. කියවිම ඔනෑම කෙනෙක්ගෙ දෑනුම වගේම සිතිවිලිත් වෙනස් කරන්ව. සිතිවිලි වෙනස් කරනවා කියන්නෙ එයින් ආකල්පමය වෙනසකුත් වෙනව කියන එකනෙ. ගොඩක් වෙලාවට මේ ආකල්පමය වෙනස සමාජයේ දියුණුවට හේතු වෙනවා.(සමාජයේ දියුණුව නොයෙකුත් විදියට බලන්න පුලුවන්). පරිහානියටත් හේතු නොවෙනවම නොවෙයි. ඒ වගේම, කියවිම් අපේ හෑකියාවන් රෑසක්ම් ඔපමට්ටම් කරනව. කියවීම අපේ භාෂා කුසලතාවය දියුණු කරනවා වගෙම අපේ නිර්මණාත්මක හෑකියාවන් අවදි කරවනවා.

ඉස්සර අලුත් අවුරුද්දෙ අලුත් පන්තියට ගිය ගමන්ම අපි බලාගෙන ඉන්නෙ අලුත් පොත් දෙනකල්. ඒ පොත් වලිනුත් වෑඩිපුරම කෑමති සිංහල පොතට. පොතේ තියෙන කෙටි කතා, ඉතිහාස කතා, නාට්‍ය ඔක්කොම කියවල ඉවර වෙලා තමයි ඉතින් එදා නිදාගන්නෙ. එතනින් නතර වෙන්නෙත් නෑ. පුලුවන් කමක් තියෙනවනම් තව උඩ පන්තියෙ පොතක් හරි උස්සන් එනව කියවන්න.පරණ පුරුද්ද හන්දද කොහෙද, ලඟදි දවසක අලුත් සිංහල සාහිත්‍යය පොත දෑක්ක ගමන් ඒක කියවන්නමයි හිතුනෙ. අතට ගත්තට පස්සෙයි දෑක්කෙ ඒක විවරණයක් කියලා….

ඒ අරුනම අනික් සම්පත තමා පුස්තකාලය. බෑහර දෙන අංශයේ පොත් අස්සෙ කිමිදෙන්න ඕන කියවල නෑති පොතක් හොයගන්න. ඒ අතරෙ හිතට අල්ලන පොතක් තිබුනොත් වෑඩිපුර මතක ඈති තෑනක හන්ගන්නත් අමතක කරේ නෑ. ඒ ඊළඟ දවසේ ගන්න බලාපොරොත්තුවෙන් හන්දා, ඒකෙන් ලොකු වෑරෑද්දක් නොවෙන්න ඈති. එහෙම අරන් යන පොත් සමහර විට ආසාව වෑඩිකමට, උගන්නන වෙලාවෙ ඩෙස්ක් එක යටින් තියාගෙන කියවල අහුවෙල තියෙන වෙලාවලුත් අනන්තයි.

පොත පතින් ඉගෙන්ගත් දේවල් සමහරක් සෑබෑ ජීවිතයේ දක්නට ලෑබෙන්නෙ නෑති බව නම් තේරුම් ගන්නට ටිකක් විතර කල් ගත වුනා. නුහුරු අත්දෑකීම් රාශියකට මුහුන දෙන්නට, මවාගත් ලෝකවල ජීවත් වෙන්නට වගෙම වෑඩිහිටියන්ගෙ පෑහිච්චකම් ආරොපණය කර ගන්නට, ඔවුන්ගේ මානවල සිට ලෝකය දෙස බලන්නට තිබුන අසිමිත අශාවන් ගොඩකට කියවීම රුකුලක් වුනා. ඔය අතරෙ තරමට නොගෑලපෙන පොත් අහුවුනත් තිබ්බ පිපාසාවෙ හෑටියට එවා පෑත්තකට දාන එක මහා අපරාධයක් වගෙයි පෙනුනෙ.

සාමාන්‍ය පෙළ කරන දවස්වල සිංහල සහ ඉංග්‍රීසි සාහිත්‍යයන් දෙකම එක්ක සමීපව හිටපු නිසා කියවීමේ උපරිම ඵලය ඒ දවස්වල ලබන්නට ඈති. කාලය ටිකෙන් ටික ගතවෙද්දි නිදහස සීමා වෙද්දි කියවීමේ පුරුද්ද ටිකෙන් ටික මග අරිලා ගියා වගේ දෑනුනා. කෑම්පස් ආවට පස්සෙ දරුණු විදියටම ඒක දෑනෙන්න ගත්තා.පොත පතට වඩා පරිගණකය ජීවිතයට සමීප වෙන්න ගත්තා.

ශ්‍රව්‍ය සහ දෘශ්‍ය රූප රස පොත බිමට දමා පාගා දෑම්මා වගේ. නලියන කකියන රූප, නේක විධ පාට අලංකරණ කණ පිනවන මධු රස අතර පොතට මොන තෑනක්ද? නීරස පිටු අතර දෑස් යවා වෙහෙසන්නේ කුමට? මෙතරම් සෑප දෑස පනාපිටම තියෙද්දී………. අනේ….අපොයි…

Advertisements
Published in: on සැප්තැම්බර් 18, 2010 at 6:59 ප.ව.  Comments (2)  

සේරුවිල නොහොත් කොට්ටියාරම් පත්තුව සහ විමලසේන ජයලත්ගේ “සේරුවිල සුන්දර අත්දැකීම්”

මහවැලි ගඟ ලංකාවේ නැගෙනහිර මුතූර් ප්රදේශයේදී (රොබට් නොක්ස් පළමු වරට අත් අඩංගුවට පත්වූ ස්ථානය තියෙන්නෙ මුතූර් වල) මුහුදට වැටීමට පෙර සැතපුම් 20 කට පමණ ඉහළදී කොටස් දෙකකට බෙදෙනවා. එක ශාඛාවක් “මාවිල් ආරු” ප්රදේශය පසුකොට වේරුගල් හරහා ගොස් ලංකාපටුනෙන්(හේමමාලා-දන්ත දෙපල දළදා රැගෙන ගොඩබට සේ සැලකෙන ස්ථානය) මුහුදට වැටෙනවා.
අනෙක් ශාඛාව ඇල්ල කන්තලේ පාලම යටින් ගලා ගොස් මුතූර් පොලිසිය අසලින් මුහුදට වැටෙනව.
මේ කියන ලද මහවැලි ගඟේ ඩෙල්ටාව තුළයි සේරුවිල ඓතිහාසික පූජනීය සිද්ධස්ථානය(කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද) පිහිටල තියෙන්නෙ. සේරුවාවිල කියන ඓතිහාසික නාමය ක්රමයෙන් වෙනස් වෙලා වර්තමානයේදී “සේරුවිල”යනුවෙන් හැඳින්වෙනවා.

(උපුටා ගැනීම , සේරුවිල සුන්දර අත්දැකීම්- විමලසේන ජයලත්)

හේමමාලා-දන්ත දෙපල දළදා රැගෙන ගොඩබට සේ සැලකෙන ස්ථානය

ලංකාපටුන (හේමමාලා-දන්ත දෙපල දළදා රැගෙන ගොඩබට සේ සැලකෙන ස්ථානය)

ත්‍රස්තවාදීන් විසින් වනසන ලද ලංකා ප‍ටුන පාලම

මේ පොත මට දකින්න හම්බ වුනේ කැම්පස් එකේ තිබ්බ පොත් ප්රදර්ශනයකදි.

යාලුවෙක් එක්ක පොතක් බලන්න යන ගමන් අහම්බෙන් වගේ මේ පොතට අහැ ගැටුනා. පොතේ නම දැක්ක ගමන්ම හිත ඇදිල ගියා. කොහොම හරි මේක ගන්න ඕන කියල හිතුන. සල්ලි ගෙවල පොත අරන් එලියට ආවෙ,ටික කාලෙකට කලින් ලබපු ලස්සන අත්දැකීමක් මතක් වුන සන්තොසයෙන්.

හීනෙන් වගේ යාලුව කෑ ගහනව ඇහිල මම පියවි ලෝකයට ආවා.

උඹට පිස්සුද බං ඔය පොත ගත්තෙ, අර රුසියන් කතා පොත ගන්න නේද උඹ මගෙන් සල්ලි ඉල්ල ගත්තෙ?
ඒ පොත මට වටින තරම් කියල දෙන්න වෙලාව නොවෙන හන්ද මම සද්ද නැතුව අහගෙන හිටිය.
බැලු බැල්මට පෙරවදන උඩින් පල්ලෙන් කියවල පොත ගත්ත වුනාට හවස් වරුවෙ ඇවිත් පොත කියවන්න ගත්තම මට තේරුනා මම හිතුව දේට අමතරව තව වටින දෙවල් ගොඩක් මේකෙ තියෙනව කියල.
මේ පොතට මගේ හිත ඇදිල ගියේ හේතු දෙකක් නිසා.
එකක් මෑතකදි මට සේරුනුවර ප්රදේශයේ සංචාරය කරන්න ලබුන නිසා. අනික ඒ ගමනෙදි මට යන්න බැරි වුන සේරුවාවිල චෛත්යය ගැන විස්තර දැන ගන්න අවශ්ය වුන නිසා.

2008 සැප්තැම්බර් මාසෙ දවසක මට සහ තවත් යහළුවො කිහිප දෙනෙකුට මේ අවස්ථාව හම්බවුනා.ගියෙ වෙන වැදගත් වැඩකට වුනත් අපට ඒ ගමන මිල කරන්න බැරි තරම් වටින එකක් වුනා.

කොළඹ ඉඳලා කන්තලේ වෙනකන් කෝච්චියෙනුත් සේරුනුවර වෙනකන් ඉතිරි කිලෝමීටර් 30 ක විතර දුර කොන්ක්රීට් අරන් යන ලොරියක යන්න වුනා. මුලු ගමනටම පැය 14ක් විතර.   රෑ 7 ට විතර කොටුවෙන් නැග්ගේ කොච්චියට,සේරුනුවරට කිට්ටු වෙනකොට පහුවදා දවල් වෙන්නත් කිට්ටුයි.

එදා ඉඳල ගතවුන දවස් කීපය තාමත් මතකයේ තියෙන්නෙ අද ඊයෙ වගේ.

ගිය වැඩේ කරන ගමන්ම ලංකාවෙ නැගෙනහිර පැත්තෙ කවදාකවත් දැකල නැති සුන්දරත්වය හිතේ හැටියට විඳගන්න අපිට වෙලාව තිබුනා ඕනවටත් වැඩියෙන්.

ඒ ටික දවසට අපිට මාවිල් ආරු සොරොව්ව (ඒ දවස් වෙනකොට සොරොව්ව මුදාගෙන ටික දවසක් වෙනව), ලංකා පටුන වගේ ඓතිහාසික තැන් කීපයකුත් දැක බලාගන්න පුලුවන් වුනා.

මාවිල් ආරු ..

ඉතින් ඒ මතකය අලුත් කරවන්න “සේරුවිල සුන්දර අත්දැකීම්” සමත් වුනා කියන්නේ අතිශෝක්තියක් නෙවෙයි.

පැතිරී ගිය වෙල් යායක්…

“නැගෙනහිරින් ” ඉර බහින හැන්දෑව….

නෙත් බඳිනා දසුන්…

විමලසේන ජයලත් මහත්තයා අවුරුදු විස්සකට ආසන්න කාලයක් මේ මිනිස්සු සමඟ ජීවත් වෙලා ලබාගත් මිල කල නොහැකි අත්දැකීම් රාශියක්ම මෙහි අඩංගු වෙලා තියෙනවා.

දශක 3ක් විතර මුලු රටටම පිළිලයක් වෙලා තිබුන යුද්ධය ගැන මම කිසි දවසක අසා නැති අමුතුම ආකාරයේ හෙළිදරව්වකුත් මෙහි දැක්වෙනවා.

වෙලාවක් තුබුනොත් කියවලා රසවිඳින්න පුලුවන් පොතක් වගේම හදවතට දැනෙන පොතක් කියල හඳුන්වන්න පුලුවන්.

Published in: on ජූනි 30, 2010 at 4:54 ප.ව.  Comments (2)  

ඉස්කෝලෙ යාලුවොන්ට ලියපු ලියමන…..

කාලය දුවනවා එක පිම්මේ…….

පොඩ්ඩ්ක් වත් නැවතිලා හැරිලා බලන්න ඉවරයක් නෑ වගේ

දන්නෙම නැතුව අවුරුදු හතරක් ගෙවිල ගිහින්

අද ඊයෙ වගේ මයි තාමත් හිතෙන්නෙ……

උදේ පාන්දර සුදු ඇඳගෙන ඉස්කෝලෙ යන,

නංගිලා මල්ලිලා දැක්කම,

හිත යටින්, පුංචි ඉරිසියාවක් මතු වෙනව නේද?

හිතෙන් අතීතයට අපි කොච්චර නම් යනවද?

අලුත් අවුරුද්දත් ලඟම එන හන්ද

දුවන මේ රේස් එක පොඩ්ඩ්කට නවත්තල

පිම්මෙ දුවන කාලයට දුවන්නට ඉඩ දීල

කඳු මැදින් හමා එන සුළං පොද විඳගන්න…………

ඒ සුවඳ අමතක වෙන්න කලින්

යමුද ආයෙත් අඹ ගහ යටට?

සෙනෙහෙබර සිසු හමුවෙ

අලුත් පිටක් පෙරලන්න……….

( published for the annual get-together @ school on 10th Apr 2010 )

Published in: on ජූනි 18, 2010 at 6:42 ප.ව.  ප්‍රතිචාරයක් ලබාදෙන්න